Wednesday, May 20, 2015

කලින් සැමරූ ඇනිවසරිය

මේ අවුරුද්දේ ඇනිවසරි එකත් ඇවිල්ලා ගියා. අවුරුදුම 4ක්. ඇනිවසරිය ගෙවිලත් මාසයක් විතර වෙන්න ආවා. වැඩිය ඉතින් කියන්න දෙයක් නැති වුනාට අපි දෙන්නා බොහොම හොඳින් අතරමැද වලි, ලෙඩ, වැඩ පිස්සු, විකාර ආදී සියලු දේ සමග මේ අවුරුදු 4 ගෙවල දැම්ම. 

ඔය දෙන්නා 3න් දෙනා වෙන එක ගැන පස්සේ කොමෙන්ට් වලින් අහන්න ඉන්න වැඩිහිටියන්ට මේ මුලින් ම කියල ඉන්නේ අපි මේ යහපාලන ආණ්ඩුව යටතේ  ගෙදර ව්‍යවස්ථාවේ යම් යම් සංශෝධන සහිතව බොහොම දුර දර්ශිව හිතල බලල නියමිත විදියට ඒ පිළිබඳව කටයුතු කරනවා. මොකද මේ පහුගිය කාලේ සිද්ද වෙච්ච දේවල් ක්‍රමානුකුලව විශ්ලේෂණය කරලා ඒ පිළිබඳව ස්වාධින කොමිෂන් (ස්වාධින කිව්වට ඉතින්....)  අනුව තීන්දු තීරණ අරන් ඕනේ ඒවගේ දේවල් කරන්න. මම හිතන්නේ ඔය වැඩිහිටි අයට දැන් ඒවා පැහැදිලි ඇති. :)

මේ සැරේ ඇනිවසරි එකට අපි දෙන්න විතරයි. කොටින්ම කිව්වොත් එදා සුපුරුදු පරිදි ඔහේ ගෙවිලා ගියා. වැදගත්ම දේ කියන්නේ අපි දෙන්නට ඇර පවුල් දෙකේම වෙන කිසිම කෙනෙකුට යකඩෝ මුන් දෙන්න බැඳලා නේද කියලවත් හාන්කවිස්සියක්වත් මතක නැති වීම. කොටින්ම කිව්වොත්  අපි දෙන්නා ඇන්ටික් වීම නිල වශයෙන් මේ වසරේදී ආරම්භ වුණා කියන්න පුළුවන්. 

ඉතින් ඔය මෙලෝ රහක් නැතිව ගෙවිලා ගිය සෙනසුරාදාව රසවත් වෙන්න කියල හවස් වෙලා මම ගිහින් පොඩි කේක් ගෙඩියක් ගෙනාව. ඊට පස්සේ ඉතින් අපි දෙන්න බඩපුරා ඒක කෑවා. අල්ලපු ගෙදර චීනට කෑල්ලක් දෙන්න කියලද ඉතින්. (උදේට දැක්කත් බුම්මන් යන උන් දෙන්නට අපේ ඇනිවසරිය තියා අපි කවුද කියලවත්  කිසිම හැඟීමක්  නෑනේ ) සඳුදා වැඩට යනකොට ගෙනියන්න හිතුවත් ඉරිදා හවස් වෙද්දී ඉතින් 80% ක් විතර ඉවර වෙච්ච හින්ද ඉතිරි 20% ත් අපි දෙන්නම කාල දැම්ම. 

ඊට පස්සේ ඉතින් උයා ගත්ත දෙයක් කාලා ඔය සෙල්ෆි ෆොටෝ ටිකක් අල්ල ගත්තා මතක් වෙන්න කියල. ඕක තමයි ඉතින් කලේ. සිංදුවක් දාගෙන පොඩි නැටුමකුත් නැටුවා හෙහ් හෙහ් 

හැබැයි ඉතින් පුරුද්දක් වශයෙන් සෑම ඇනිවසරියකටම  කොහේ හරි යන පුරුද්ද අපි මේ සැරෙත් මග ඇරියේ නෑ. හැබැයි එකම වෙනස මේ සැරේ ඒ ගමන අපි දෙන්න ඇනිවසරි මාසේ මුලදීම ගිය එක. 

ඒකට හේතුව මේ රස්සාවට උදේ හවස යන එන එකයි, එකම සෙට් එකක් එක්ක එකම ප්‍රොජෙක්ට් එකක් කර කර එක කාමරයක් අස්සේ හිරවෙලා ඉන්න කොට සමහරවෙලාවට පට්ට විදියට එපා වෙනවා. ඉතින් ඔය එපා වීමේ උපරිමයක් ගිය මාසේ මුල හරියේ සෙට් වුණා. ඉතින් මේක හරියන මගුලක් නෙවෙයි අපි දෙන්න කොහේ හරි යමු කියල කාලයක් තිස්සේ පොඩ්ඩක් හොයල බලල මේ අවුරුද්දේ ඇනිවසරියට යන්න හිතාගෙන හිටපු ප්ලේස් එකට ගියා. 

වැඩි විස්තරයක් නෑ ෆොටෝ කෑලි ටිකක් දාන්නම්. 



මුහුදේ හදාපු හෝටලයක්. වෙනසක් තියෙන තැනක් හැබැයි මම හිතන්නේ මාලදිවයිනේ මිට වඩා ලස්සන මේ විදියේ තැන් තියෙනවා. මේකේ බීච් එක ලස්සන නෑ. ටිකක් මඩ වගේ

හැබැයි හෝටලේ තියෙන අනිත් පහසුකම් නම් වරදක් නෑ.

අපි බුක් කලේ ගහේ කඳ මුල හරියේ රූම් එකක්. ඒක අපේ බට්ටි නගාගෙ අති විශිෂ්ට අදහසක් මොකද කිව්වොත් ඔය අතු බෙදිලා තියෙන හරියෙන් රූම් එකක් ගත්තනම් අපිට මුහුදේ විව් එක කවර් වෙනවා.  අතු අග හරියේ තියෙන ඒවා ගණන් වැඩියි. ගොඩාක් ඒවා ෆැමිලි වලට ඉන්න හදපු ලොකු ගෙවල් වගේ. ඉතින් අපි දෙන්න ගත්ත තැනට කිසිම අවුලක් නැතුව හොඳ විව් එකක් ලැබුනා අඩු ගානට.

මේ තියෙන්නේ රූම් එකේ ඉඳන් බලනකොට තිබ්බ විව් එක. ඈතින් පෙන්නේ අර අතු වගේ තිබ්බ කාමර.

මේ තියෙන්නේ අනිත් පැත්තේ විව් එක
හවස් වරුවේ බීච් එකේදී ගත්ත පින්තුරයක් මේක. බීච් එක නම් චාටර්

ටිකක් රෑ වෙනකොට බීච් එකේ මේ වගේ ආතලුත් තියෙනවා
ඊට අනිත් පැත්තේ බීච් එකේ රෑ වෙනකොට මේ වගේ නැටුම් ගැයුම් එහෙමත් තියෙනවා

රූම් අතර එහෙ මෙහෙ යන්න නොමිලේ බයිසිකල් ලබා ගන්න පුළුවන්. ගහේ මුල ඉඳන් අගට යන්න සැහෙන්න දුරක් තියෙනවා. ඉතින් බයිසිකල් කියන්නේ හෙන සිරා වැඩක්

මේ තියෙන්නේ අපි දෙන්නගේ බයිසිකල් දෙක
මිට අමතරව ඉතින් ආබාධිත කෙනෙකුට, වයසක කෙනෙකුට නැත්නම් ඇවිදින්න , බයිසිකල් පදින්න කම්මැලි කෙනෙකුට එහෙ මෙහෙ යන්න මෙන්න මේ අපුරු වාහනේ නිතරම එහෙට මෙහෙට ගහ දිගේ යනවා. කැමති කෙනෙකුට එකේ නැගල යන්න පුළුවන්
උදේ කෑම අපිට කලින් බුක් කරලා ගන්න පුළුවන්, දවල් කෑම, රෑ කෑම කන්න විවිධ වර්ගයේ ආපනශාලා ගොඩක් ගහේ අතු ඔක්කොම එකට එකතු වෙන (පොල් ගෙඩි හැදෙන හරියේ) තියෙනවා.

තමන්ට කැමති දෙයක් කන්නයි තියෙන්නේ සල්ලි දීලා. ඒ රෙස්ටෝරන්ට් එහෙමත් කලින් බුක් කරලා යන්න පුළුවන්

මිට අමතරව ඔය සල්ලි දීලා එහෙ මෙහෙ යන පොඩි පොඩි ටුවර් පැකේජ් එහෙමත් තියෙනවා. අපි නම් ඒ මොකටවත් ගියේ නෑ.


හොඳට මේන්ටේන් කරන හොඳ සේවයක් තියෙන තැනක්. ගොඩක් යුරෝපිය සහ අනෙකුත් සංචාරකයෝ ඇවිල්ල හිටියා. මේ හොටෙල් එක තියෙන්නේ මැලේසියන් Grand Prix රේසින් තියෙන circuit එක කිට්ටුව. ඉතින් අපි ගිය දවසේ තමයි ඔය රේස් එකේ ෆයිනල් එක තිබුනේ. ඒ රේස් එකට ආපු අයත් කීප දෙනෙක් එදා නම් හිටියා. ලබන සැරේ ඔය රේස් එකත් බලන්න යන්න ඕනේ. 


ඕක තමයි ඉතින් විස්තරේ. කවුරු හරි කෙනෙක් හෝටලේට යනවනම් නොමිලේ යන්න ශටල් බස් සේවයක් තියෙනවා. වැඩේ කියන්නේ බට්ටි නගා යන්න කලින්ම කිව්වා ඔය ශටල් එක ගැන හොයන්න පොඩ්ඩක් කියල. මම ඉතින් බක පණ්ඩිතය වගේ අනේ ඕව කියට එයි ද දන්නේ නෑ.. තේරුමක් නෑ අපි ඔන්න ඔය ටැක්සියක් අරන් යමු වගේ හෙන ටෝක්ස් දීලා අන්තිමට රිංගිට් 125ක් රුපියල් 5000ක් විතර ටැක්සියට දීලා තමයි හෝටලේට ගියේ. එනකොට නිකමට වගේ විස්තරේ හොයල බැලුවම හැමදාම දවල් 2 ට හෝටලේ ඉඳන් ක්වාලා ලාම්පුර් නගරයට එන්න නොමිලේ බස් එකක් තියෙනවා.  ඒවගේම යන කෙනෙකුටත් ඔය Petronas  Twin Towers දෙක ළඟින් ඒ බස් එකට නගින්න පුළුවන් (මම හිතන්නේ හොටෙල් එකේ රිසවේෂන් එකක් තියෙන්න ඕනේ බස් එකට නගින්න නම්). 

අපි දෙන්න ඉතින් හවස ඒ බස් එකේ ඇවිල්ල එතනින්ම කෝච්චියට නැගල අන්තිමට ගෙදරට ආවා මුළු වියදම රිංගිට් 17ක් ද කොහෙද හෙහ් හෙහ් ඒ කියන්නේ රුපියල් 750-800ක් වගේ. ගෙදර උන්දෑ කියන දේ අහන්න පුරුදු වෙන්න ඕනේ කියල පුරාණ සෘෂි වරු කියල තියෙන්නේ කට කහනවට නෙවෙයි.

ඇනිවසරිය පහු වෙලා මාසයක් විතර ගිහිල්ලත්, ට්‍රිප් එක ගිහිල්ල මාස 2ක් විතර ගිහිල්ලත් මේ වගේ පොඩි සටහනක් ලියා ගන්න තිබ්බ කම්මැලි කම යාන්තම් හරි අඩු වුනේ මේ අද තමයි. (ඔෆිස් එකේ චීන අයියල ටික නැති වීමත් එක හේතුවක්)

ඉතින් මේ ගෙවිච්ච අවුරුදු 4 හරි ජොලියෙන් ගෙවිලා ගියේ. බට්ටි නගා ඉතින් අර ඔතාගෙන ආපු කෙනාම තමයි. එකේ ආයේ දෙකක් නෑ.

මා ළඟටම තව ලංවෙලා,
හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතැපෙන නින්දේ,
නූපුර හෝ ප්‍රියේ,
පාසුළැඟිල්ලේ අදනම් අවදිනොවේ,
කුසුම් කැකුළ නිදනා තුරා,


සඳගිරි පව්වේ පෙරදා සංසාරේ,
සැතැපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ,
මහලු වෙලා අද සඳ වාගේ,
යෞවන රෑ සඳු,
බලාන උන්නාවේ,


මා ළඟටම තව ලංවෙලා,
හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතැපෙන නින්දේ,
නූපුර හෝ ප්‍රියේ,
පාසුළැඟිල්ලේ අදනම් අවදිනොවේ,
කුසුම් කැකුළ නිදනා තුරා,


කල්ප කාල යුග අප අතරින් ගෙවිලා,
අපි යමු මේ රෑ අනාගතය සොයලා,
නලමුදු සුවඳේ නිදන මලේ,
මට මල් රොනවුලු,
සුවඳ දැනේ ළඳුනේ,


මා ළඟටම තව ලංවෙලා,
හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතැපෙන නින්දේ,
නූපුර හෝ ප්‍රියේ,
පාසුළැඟිල්ලේ අදනම් අවදිනොවේ,
කුසුම් කැකුළ නිදනා තුරා,

සිංදුව කොපි කලේ මේ අවුරුද්දේ 20 වෙනි ඇනිවසරිය සමරපු රවී අයියාගේ මේ සටහනෙන්

මේ සිංදුව ටිකක් විතර වයසට ගිය (රවී අයියල වගේ :D) අයට වඩා ගැලපුනාට වයසට යෑම ආරම්භ කරපු අපි දෙන්නටත් 100%ක්ම ගැලපෙනවා

49 comments:

  1. පැතුම් මල්ලි...හෙහ්..අවුරුදු හතරයි එහෙනං ඈ?...වෙරි ගුඩ්...වෙරි ගුඩ්... මම මේ කල්පනා කලේ අපේ අවුරුදු හතර වෙනකොට කොහෙද හිටියෙ කියල? හරි..ඒ වෙනකොට මම අර කැළේ මැද සහ ඉම්පස්සෙ ගොවි ජනපදවල කරපු රස්සාවෙං අයිං වෙම්දෝ නොවෙම්දෝ කියල දෙගිඩියාං හිටපු කාලෙ...මොකද බැඳල යන්තමට අවුරුදු හතරක් ගිහාම කාලයක් කරපු රස්සාවෙං අස් වෙන එක අවදානමක්නෙ..ඒ නිසා..

    ඒත් අපෙ අම්මලවත් එතුමීවත් මට කිසි බලපෑමක් කලේ නෑ. " ඉට්ස් යුවර් ඩිසිෂන් ඔබ ගන්නා ඕනෑම තීරණයකට මම එකඟයි.." අන්න එහෙමයි සුපිරිං කෝට් එකේ ෆයිනල් ඩිසිෂන් එක....හෙහ්,හෙහ්, ..ඒ පාර කම් ඕ ගෝ චිකාගෝ කියල මම අස්වුනා.

    හෙහ්, උඹේ අවුරුදු හතර ගැන කියවන්ට ඇවිල්ල අන්තිමට මගේ අවුරුදු හතර ගැනයි කියවල තියෙන්නෙ...:)

    හරි දැං ගීතය ගැන.....මම මුලින්ම අහපු දවසෙ ඉඳල කැමතිම ගීතයක් ඕක...අනූව දශකයෙ මැද වගෙ රූපවාහිනියෙ ගියා මාසෙකට සැරයක් යාත්‍රා කියල වැඩ සටහනක්. රවීන්ද්‍ර මුණසිංහ මට මතක විදිහට කලේ. ඒකෙ තමයි ඉස්සෙල්ලාම ඔය ගීතය මම ඇහුවෙ. රොජර් සහ සේමිණි හිටියෙ සීන් එකට. මම මෙතෙක් කාලෙකට මොබයිල් එකේ රිං ටෝන් එක විදිහට ගීතයක සංගීතය දාගෙන හීටියෙ ඔය ගීතය විතරයි.

    ReplyDelete
    Replies
    1. අවුරුදු 4 ගියා නිකන් සිං ගාලා. තව ටික දවසකින් 20 වෙනි අනවසරිය ලියයි ඔන්න බලන්නකෝ :)

      අපි දෙන්න නම් එකම තැන. එකම ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන නිසා ඔය විදියට තීරණ ගන්න බෑ. සෑහෙන හිතන්න වෙනවා වමට දකුණට හැරෙන්න කලිනුත් මොකද කිව්වොත් පොඩ්ඩ වැරදුනොත් ගෙදර ගිහිල්ලත් ඉවරයි හෙහ් හෙහ් හෙහ්

      පතාගෙන ආපු තරම කියන්නේ 24x7ම ඉන්නේ එකට :D

      සිංදුව මමත් අහපු මුල් දවසෙම කැමති වුන එකක්. රොජර් ගෙයි සේමිණි ගෙයි වීඩියෝ එක තමයි මටත් මතක.

      Delete
    2. මට ආසයි බ්ලොග් ලියන්න.එත් මම දන්නේ නැහැ ඒක කරන විදිය.මට ඒකට උපදෙස් ටිකක් දෙන්න.බොහොම ස්තුතියි.

      Delete
    3. මෙන්න මේකෙ තියෙනවා. ගිහින් බලන්න. http://campussyndi.blogspot.com/2014/01/2.html?m=1

      Delete
  2. සුබ පැතුම්!අවුරුදු හතරක් කියන්නේ තාමත් අද ඊයේ බැන්ද ජෝඩුවක් වගේ ඉන්න පුළුවන් නොවැ.

    රවීයියා,පැතුම් වගේම ඒ සිංදුවට මමත් ගොඩක් කැමතියි.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බන් ඉතින් ඉන්නේ. ඒ වුනාට ඇත්ත වශයෙන් ම බැලුවොත් දැන් ටිකක් විතර නාකි පැත්තට වැඩියි හෙහ් හෙහ්

      Delete
  3. සුබ පැතුම්...

    ///ඔය දෙන්නා 3න් දෙනා වෙන එක ගැන පස්සේ කොමෙන්ට් වලින් අහන්න ඉන්න වැඩිහිටියන්ට මේ මුලින් ම කියල ඉන්නේ අපි මේ යහපාලන ආණ්ඩුව යටතේ ගෙදර ව්‍යවස්ථාවේ යම් යම් සංශෝධන සහිතව බොහොම දුර දර්ශිව හිතල බලල නියමිත විදියට ඒ පිළිබඳව කටයුතු කරනවා. මොකද මේ පහුගිය කාලේ සිද්ද වෙච්ච දේවල් ක්‍රමානුකුලව විශ්ලේෂණය කරලා ඒ පිළිබඳව ස්වාධින කොමිෂන් (ස්වාධින කිව්වට ඉතින්....) අනුව තීන්දු තීරණ අරන් ඕනේ ඒවගේ දේවල් කරන්න. මම හිතන්නේ ඔය වැඩිහිටි අයට දැන් ඒවා පැහැදිලි ඇති. :)///

    මේක කියපු කතාවට කොපි රයිට් නෑ නේද පැතුම්.... ඔන්න මාත් කොපි කර ගත්තා... හි හි....

    අපි දෙන්න නං වෙඩිමෙන් පස්සෙ හැම ඇනුවසරියම තනියෙන් තමා.... අඩු ගානෙ අපේ නෑයන්ට එදාට අපිව ෆොන් එකෙන්වත් අල්ලගන්න බෑ.... හි හි.. කට්ටියට තාම අවුරදු හතරක් පිළුණු වෙච්ච පාටි මතක් වෙන හින්ද අපි තාම ඇන්ටික් වෙලා නෑ වගේ හැබැයි....

    ReplyDelete
    Replies
    1. කෙලින්ම කියපං රිගේනින් ශ්‍රීලංකා මෙතඩ් එකට ආරථික තත්වෙත් කල්පනා කරල නව බඳවාගැනීම් තාවකාලිකව අත්හිටවල තියෙන්නෙ කියල. එච්චරයි.

      Delete
    2. කෞශි, කිසිම අවුලක් නෑ. ඕල්වේස් කොපි ලෙෆ්ට්.

      තනියම සමරන එකෙත් පොඩි ගතියක් තියෙනවා. හැබැයි ගෙදර කාටවත් ම අමතක වුනාම නිකන් ඇන්ටික් වෙච්ච ගතියක් දැනෙනවා. හෙහ් හෙහ්

      Delete
    3. රාජ්, මේක නම් පට්ට. බඳවාගැනීම් තාවකාලිකව අත්හිටවා ඇත කියල කෙලින් ම කියන්න පුළුවන්.

      කෞශි, මේක ෂෝට් ඇන්ඩ් ස්වීට් හෙහ් හෙහ්

      Delete
  4. හැපී ඇනිවර්සරි පැතුම් මලයා!
    //ඔය දෙන්නා 3න් දෙනා වෙන එක ගැන පස්සේ කොමෙන්ට් වලින් අහන්න ඉන්න වැඩිහිටියන්ට මේ මුලින් ම කියල ඉන්නේ....//
    දැන් කවදද දෙන්නා තුන් දෙනා වෙන්නෙ? හැක් හැක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මධු මාධවී (අඩෝ උඹ ඔබ තුමාද? /ඔබතුමි ද? )
      ලියන දේවල් වල හැටියටයි නමේ හැටියටයි වෙරි කොන්ෆිසුසින් මෙයා.

      [නව බඳවාගැනීම් තාවකාලිකව අත්හිටවල තියෙන්නෙ :D]

      Delete
    2. අන්න තුමීගෙ අයිඩියා එකක් තියෙනවා ගිහිං බල!
      මම අවිල්ලා මදාවියානෙ ඉතිං...

      Delete
  5. පහු වෙචිච ඇනිවසරියට සුභ පැතුම්.. හැබෑට දෙන්න තුන් දෙනා වෙන්න අයිඩියා එකක් නැද්ද ආ.. අර හිරුවත් ඒකමනේ අහල තියෙන්නේ.. හැක් හැක් x 23

    ReplyDelete
    Replies
    1. ඉස්කෝත්තුයි
      [නව බඳවාගැනීම් තාවකාලිකව අත්හිටවල තියෙන්නෙ :D]

      Delete
  6. ජෝඩුවටම හදවතින්ම සුභපතනවා.... මමත් ආසම සිංදුවක්... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සජ්ජා. සිංදුව ඉතින් පට්ට තමයි.

      Delete
  7. බැඳල අවුරුදු හතරක් ගෙවෙද්දි අපිත් විප්‍රවාසගත උනා.එතකොට කොල්ලට වයස අවුරුදු තුනයි.දැන් ඌට විස්සක්.
    සුබම සුබ ඇනිවසරියක් වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලප මාමේ. අපි හරියටම අවුරුදු 2කෙ ඇනිවසරිය පහුවෙච්ච ගමන් මෙහෙ ආවා. තව අවුරුද්දක් දෙකක් ඉඳල ආයෙත් යනවා. දිගටම විප්‍රවාස වෙන්න නම් අදහසක් නෑ.

      Delete
  8. ඔය තැන මීට කලියෙන් දැකලා තියෙනවා.... ළගම සහෝදරයෙක් ඔතන වැඩ.... ඉතින් හරිම සතුටුයි...... සුභ අැනිවසරියක් වේවා....

    ReplyDelete
    Replies
    1. අඩෝ මම සිංහල කෙනෙක් කියල හිතල එකෙක් එක්ක කතා කළා . වෙලාවට ඌ නේපාල් එකෙක්. ලංකාවේ වගේ අය තව හිටියා. හැබැයි කතා කලේ නෑ බොහොම ස්තුතියි මචං

      Delete
  9. හැපී බිලේටඩ් විෂස්.. 4 ඇන්ටික් වෙලා කියන්නේ 11 ගැන කවර කතාද? සින්දුවනම් පට්ට.. රවි අයියගේ පෝස්ට් එක දිහා බලාගෙනත් තනියම කියුව.. අදත් හිත බඩ පුරා ආයිම ඒ සින්දුව කියුවා.. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කමි. 4 කියන්නේ ඇන්ටික් වීමේ ආරම්භය. 11 කියන්නේ ඇන්ටික් හොඳම අවස්තාව. ඔය හැලප ල, රවී අයියල, සරත් අයියල මම හිතන්නේ ඇන්ටික් වලත් ඇන්ටික් ලෙවෙල් එකේ ඉන්නේ හෙහ් හෙහ්

      සිංදුව පට්ටයි තමයි. අපරාදේ ආරියසිංහ ලොක්කට තව මේ වගේ සිංදු ටිකක් කියන්න තිබ්බේ.

      Delete
  10. සුබ පැතුම් වේවා අයියණ්ඬි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති දිනේෂ්

      Delete
  11. හැපී ඇනිවසරි කිව්ව.

    ReplyDelete
  12. Replies
    1. එල ද බ්‍රා වේවා
      බ්‍රා එල වේවා :D

      Delete
  13. කලින් කිව්ව නම් උදැල්ලක් දාන්න අපි තුන්දෙනාටත් එන්න තිබ්බා. කොහෙද යනදවසෙනෙ කිව්වෙ. ඒත් නිකං මේ යනවා කියලා අර සිංහල ක්‍රමේටනෙ කිව්වෙත්.. අපි ආවා නම් ඉතින් ඔය දෙන්න නොබීවත් අපි දෙන්න මජ්ජ පමා වෙලා කොල්ලාට උදැල්ල වෙන්න කියලා සොමියක් ගන්නවා.
    පමාවෙලා හරි ඔන්න අපෙත් සුබ පැතුම්.. මොකක්ද මේ තුන්දෙනාවෙන කතා ? පිච්චු ඩබල්ද ??

    ReplyDelete
    Replies
    1. අපි යන්න තීරණේ කලේ බ්‍රහස්පතින්දා. නිවාඩු දැම්මේ සිකුරාදා. ක්ෂණික තීරණ හෙහ් හෙහ්
      මමත් මේ බොන්න පාට්නර් කෙනෙක් නැතුව ඉන්නේ. හොඳට බොන්න හිතිලා තියෙන්නේ
      හෙහ් හෙහ්

      3න් දෙනා වෙන්නේ නෑ දැම්ම
      [නව බඳවාගැනීම් තාවකාලිකව අත්හිටවල තියෙන්නෙ :D]

      Delete
  14. ඔබට 'යෝග්‍ය' ඇනිවසරියක්!

    චීන්නු ඉන්නකොට මොකද හලෝ කම්මැලි?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් යෝග්‍ය කතාව මම දනිමි

      මේ චීන්නු මෙලෝ රහක් නෑ. උන් දන්නේ වැඩ කරන්න විතරයි..

      වෙන මොනවා හරි ඇහුවොත් උතුර දකුණ මාරු වෙලා වගේ හැසිරෙන්නේ. රොබෝලා වගේ :)

      Delete
    2. යෝග්‍ය කතාව ඉතින් ඔබතුමා ඇරෙන්න මමද ඉතින් දන්නේ? හෙහ් හෙහ් ගාල හිනාවෙන ලස්සන හෙහ් හෙහ්!

      වැඩකරන්න දැනගත්තම මදැයි... ඒක නෙවෙයි මම උන්ගෙන් එකෙක්ගෙන් ඇහුවම දුන්න උත්තරේ තමයි

      'පැචුන් ? චව් චාව් වෙඉචව් වෙචව් වේ..'

      සිංහලෙන් කිව්වොත්
      'පැතුම්ද? අපෝ මෙලෝ රහක් නෑ'

      දැන් මක්කා කරන්නද ඉතින්...

      Delete
    3. මෙලෝ රහක් නැති වීම තමයි හලෝ මගේ අනන්‍යතාවය.
      මේ බ්ලොග් එකෙන් ම ඒක පැහැදිලි වෙනවා නේද හෙහ් හෙහ්.

      Delete
  15. සුබ ඇනවර්සරියක් වේවා ඔබ දෙපලට.

    ඩුබායි ෆාම් අයිලන්ඩ් එකෙන් කොපි කරලද අර දූපත හදල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රස්සන අයියා

      මේක දුපතක් වගේ හදල නෑ. මුහුද මැද්දට වෙන්න කණු උඩ හදපු හොටෙල් එකක් විතරයි. ගොඩක් ලොකු නෑ 1km විතර මුහුද මැද්දට තියෙනවා මම හිතන්නේ.

      Delete
  16. සුබම සුබ මෙව්වා එකක් වේවා ..... කාටවත් ඕන විදියට නව තමන්ට ගැලපෙන හා ඕන වෙලාවට නව බදාවාගැනීම් ආරම්භ වේවා
    ගුරුපොං එකේ ඔය හොටෙල් වලට පට්ට ඩිස්කවුන්ට් දෙනවා මචෝ.......

    ReplyDelete
    Replies
    1. ගුරුපොං එක බැලුවේ නෑ බන්. සිරාවට අමතක වුණා. ඊළඟ සැරේ බලන්න ඕනේ. උඹ දන්න වෙන මේ මට්ටමේ හොඳ ප්ලේස් තියෙනවද මැලයෝ ටිකක් දුර උනත් අවුලක් නෑ.

      Delete
  17. මුලින් මුලින් හැමෝටම මතක් වෙන, පස්සෙ පස්සෙ දෙන්නෙක්ට විතරක් මතක් වෙන, ඊටත් පස්සේ කාටවත් මතක් නොවෙන, ඊටත් පහු පහු කොහු කොහු වෙලාම යන යම් දෙයක් වේද එය ඇනිවසරි නම් වේ.

    බැඳපු පොරකට ඇනිවසරි ඩේට් එක අමතක වුනාම ඒක මතක් කරගන්න හරි ක්‍රමයක් කියහන්කො.. :(

    ReplyDelete
    Replies
    1. හරියට හරි සෙන්නා. මේ සැරේ ඕක අපිටත් ප්‍රත්‍යක්ෂ වුණා.

      වයිෆ් ගේ හැසිරීම ටික ටික කචල් වීම ගැන ටිකක් ගැඹුරින් හිතාගෙන හිතාගෙන යනකොට එකපාරටම මතක් වෙයි අම්මට හුඩු ඇනිවසරිය නේද කියල හෙහ් හෙහ් . දැනට නම් අපි දෙන්නම කලින් ඉඳන්ම ප්ලැන් ගහන හින්ද තාම ඔය වගේ සීන් එකක් වෙලා නෑ..

      Delete
  18. ඇනිවසරිය සුභ වේවා...බොලා ගිය හෝටලේට අපේ ආයතනයත් ගිය වසරෙ අග දුන්නා ‍හොද පැකේජ් එකක්..ලස්සන තැන නේද සුදා...

    ReplyDelete
    Replies
    1. උන්ගෙ සයිට් එකේ ෆොටෝ වල මඩ නෑ..නමුත් එතනට ගිය ගොඩාක් අය මඩ කථාව කියනවා..වතුර තිබ්බෙ නෑ කියනවා සමහරු වඩදිය බාදිය වලට අහුවෙලා මූද ඇතට යන නිසා...

      Delete
  19. පැතුම් පුතනි,

    ඇනිවසරියට සුබ පැතුම්!

    දෙන්නා තුන් දෙනා වෙන එක ගැනත් ලියල තිබ්බ හින්දා වැඩිහිටියෙක් හැටියට උපදෙසක් දෙන්නම්. විද්‍යාවට අනුව පුතා දැන් ඉන්නේ බෙල් curve එකේ අග්ගිස්ස පැනලා පල්ලම් බහින කාලේ. ඒක හින්දා බොරු වැල් වටාරම් දොඩන්න් නැතුව වැඩේට enter උනා නම් plan කොරගෙන ඉන්න කාලේ වෙද්දීවත් වැඩේ වෙලා තියෙයි!

    මීට,
    වෙද පප්පා

    ReplyDelete
    Replies
    1. ඔය බෙල් කර්ව් භීතිකාව හැදිච්ච තව කෙනෙක් මම දන්නවා.. හෙහ් හෙහ්

      අවුලක් නෑ අරිෂ්ටේ බිලා ගොඩ දානවා හදිස්සියක් වුනොත්..

      Delete
  20. හැබෑට කීයක් විතර ගියාද කොලුවෝ ඔය වැඩේට?

    ReplyDelete
  21. //මොකද මේ පහුගිය කාලේ සිද්ද වෙච්ච දේවල් ක්‍රමානුකුලව විශ්ලේෂණය කරලා ඒ පිළිබඳව ස්වාධින කොමිෂන් (ස්වාධින කිව්වට ඉතින්....) අනුව තීන්දු තීරණ අරන් ඕනේ ඒවගේ දේවල් කරන්න.//

    ඔහොම කතා කියන්න එපා යකෝ දැනුං තේරුං තියන උදවිය උඹ ගැන වැරදියටනෙ හිතන්නෙ.

    ReplyDelete
  22. බොහොම ස්තුතියි.මම බ්ලොග් එකක් හදාගත්තා.බිත්තියත් මගේ ලිස්ට් එකට එකතු කරගත්තා.

    ReplyDelete
  23. බොහොම ස්තුතියි.මම බ්ලොග් එකක් හදාගත්තා.එකේ නම දින පොත.බිත්තියත් ලිස්ට් එකට එකතු කරගත්තා.

    ReplyDelete