Wednesday, December 12, 2012

ඉබ්බා දියේ දැමීම...

ඉබ්බා දියේ දැම්මම මොකද වෙන්නේ කියල දන්නවද? උගේ කටුව පෙඟෙනවා... අනිත් එක්ක ඉබ්බා මොකද හාවත් එක්ක රේස් එක දුවන්න සැට් වුණේ... ඉබ්බට ඌ ගැන පට්ට ආත්ම විශ්වාසයක් තිබ්බා දිනන්න පුළුවන් කියල.. ඒක මේ ඌ බොරුවට හිතින් මවා ගත්ත සීන් එකක් නෙවෙයි ඌට දුවන්න පුළුවන් කියල ඌ දන්න නිසයි ඌ ගේමට බැස්සේ... (ජය පරාජය ඉතින් කාටත් පොදුයි නේ) අනිත් එක්ක අහසින් යන්න උනත් කල්පනා කලේ ඒ කාලේ දැන් වගේ ටැක්සි තිබ්බේ නෑ නේ...අනිත් එක අහසින් යන්න යූස් කරපු ටෙක්නික් එක.. සෙල්ලං ද.. (පොඩි පොඩි අමතක වීම් කාටත් වෙන්න පුළුවන්)

ඉබ්බ කියන්නේ අපිට නිකන් කම්මැලි ජනක සතෙක් වගේ හිතුණට පට්ට සිරා ඩයල් එකක්.. හරි හැඩයි.. අනිත් එක හොඳට හැදිච්ච, තැන්පත්, අහිංසක , වැඩි සද්ද බද්ද නැති,ගුණ යහපත්,දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න ටොප් කොල්ලෙක් වගේ සතෙක්...  

හරි මේ ඉන්නේ ඉබ්බෙක්
                                      
 මේ ඉන්නේ ටිකක් බය ඇරිච්ච ඉබ්බෙක්
 මේ ඉන්නේ ටික ටික සාමාන්‍ය අතට පත්වෙමින් සිටින් ඉබ්බෙක්...
මේ ඉන්නේ ෆොටෝ ජෙනික් ඉබ්බෙක්...
 ෆොටෝ ජෙනික් ඉබ්බාගේ ක්ලෝස් අප් එකක්...
 මෙන්න මෙහෙමයි ඉබ්බෝ කාර් වල යන්නේ..
ඉබ්බෝ දුවන හැටි දැකල නැත්නම් මෙන්න..
හම්මා වතුර ටික 

දියවන්නා ඔයේ ඉපිද එහිම හැදී වැඩී තරුණ වියට පා තබා කෑල්ලක් සෙට් කර ගැනීමේ සහ ටිකක් ලෝකය බැලීමේ පරම පිවිතුරු චේතනාවන් යුතුව කාපට් කර ගල් අතුරා ඇති නවීන මං මාවත් වල සුව විඳිමින් හිටපු ඉබ්බෙක්.  

අතීත පාඩම් සිහි කල්පනාවට අරගෙන හෙමින් ගමන් කෝකටත් හොඳා කියල හෙමිහිට ඇවිදගෙන කෝට්ටේ පුරවරයේ සිරි නරඹමින් පාරවල් ගානේ රස්තියාදු ගසමින්, ඉබ්බියන්ට ලයින් දමමින් ආතල් එකේ සිටි ඉබ්බෙක්. 

කිලෝමීටර් 3-4ක් මාසයක් දෙකක් තිස්සේ ඇවිදිමින් හීන් සීරුවේ කාණුවකට වෙලා හිටපු ඉබ්බෙක්.

අපේ ඔපිසියේ අයගේ සහ මගේ අප්‍රමාණ සත්ත්ව කරුණාව හේතුවෙන් නැවත උගේ වාසස්තානයට ගෙන ගොස් දමා උගේ ලෝක සවාරියට සහ ඉබි කෑල්ලක් සැට් කරගැනීමේ  අහිංසක බලාපොරොත්තුවට කෙළ කිරීමේ ප්‍රීතිය බ්ලොග් අවකාශයේ සිටිනා සැම සමඟ බෙදා ගැනීම නිමිති කරගෙන මෙය 12/12/12 දින පිටකෝට්ටේ පිහිටි මගේ ඔපීසියේ ඇති පුටුවේ වාඩි වී ඔපිසියෙන් ම ලබා දුන් ලැපා ගෙන් කොටා මෙසේ පබ්ලිස් කරනු ලැබේ... 

11 comments:

  1. ආහ්... ඉබ්බව දියට දාලා :)

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඉබ්බට තාම අපිත් එක්ක මල ඇති.. උගේ ආතල් එක කෑව කියල..

      Delete
    2. දවසක් ඉබිමස් කන මනුස්සයෙක්ට තව මනුස්සයෙක් එහෙම උපදෙසක් දුන්නාලු.
      ඒ තමා ඉබ්බව මරන්න කලින් ඌව අනිත් පැත්ත හරෝලා උගේ පස් පොලටම (කකුල් හතරයි ඔලුවයි තියෙන ගුල් ටිකට) ලුනු වතුර දාලා ටික වෙලාවක් තියලා මරන්න ලූ.

      නිගමනය
      ආයේ කවමදාකවත් ඉබිමස් කන්න හීතන්නෙවත් නැති වෙයි. :)

      අද රිප්ලයි බලන්න ආපුවාහම මේ කතාව මතක් උනේ. අදාලත්වයක් නැතත් ඔහේ ලියලා දැම්මා. අනවශ්‍යයි කියලා හිතෙනවනම් මකලා දාන්න :)

      Delete
  2. ඉබ්බ දියේ දැම්මාම දැං නෑවෙ කිවුවලු

    ReplyDelete
    Replies
    1. ඉබ්බා නෑව්වට වඩා ආතල් ඕනමැන්ටල් ගේ කොමෙන්ට් එකක් දැක්කම... කොපු දාල ගහපු සීන් එකෙන් පස්සේ උඹට මොකො බන් වුණේ..

      Delete
    2. @ ඕනමැන්ටල්

      ඇන්නෑවේ කියලා එකකුත් තියෙනවාලු :D

      Delete
    3. ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ ,කියලා තමා කියලා තියෙන්නේ ,මේකේ තේරුම මොකක්ද ?

      Delete
  3. ඉබ්බා දියට දැම්මාම තැන්කූ කිව්වෙ නැතිද ඈ..

    ReplyDelete
  4. නියමයිනේ.. ඇත්තටම ඉබ්බෙක් මෙච්චර හරඹයක් කරනව කිවට මම දැනගත්තේ මේකෙන් ඕං ඇ..



    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  5. මමත් බ්ලොග් සීන් එකේ හිටපු කාලේ ලියපු එකක්. මට බිත්තිය අහු වුණේ ටිකක් පරක්කු වෙලා වෙන්න ඕනේ.

    ReplyDelete